අදට (05) ලෝක පරිසර දිනය යි .

‘Land Restoration, desertification and drought resilience’ යන්න මෙවර ලෝ​ක පරිසර දින තේමාවයි.

ශ්‍රී ලංකාව එහි සමරන තේමාව වන්නේ ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක්’ යන්නයි.

1972 ජුනි මස 5 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමුළුවේදි ගත් තීරණය​ට අනුව ජූනි 05 ලෝක පරිසර දිනය නම් කොට තිබෙනවා

ඒ අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට අදට වසර 52 ක් සපිරෙනවා

මෙවර ශ්‍රී ලංකා​වේ  ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය සිංහරාජ උඩව ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.