ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.

අප්‍රේල් 27 වැනි දින ස්ටොක්හෝම් හි නකා අවුලා හි දේශීය වේලාවෙන් පස්වරු 1:30ට ආරම්භ වීමට නියමිත මහජන රැස්වීමක් ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු එහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතව ඇති අතර ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කර ඇත.