මෙරට ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙක් සහ ලේඛකයෙක් වන එස්.ජී. පුංචිහේවාට අයත් පොත් එකතුව සියල්ල ජාතික ජනබලවේගයට පරිත්‍යාග කර තිබෙනවා. මෙම පරිත්‍යාගයට ඔහු වසර 65ක් පුරා එකතු කළ සහ ඔහු විසින් ලියන ලද කෘති අන්තර්ගත වෙනවා.

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික පා.ම. හරිනි අමරසූරිය, කේ.ඩී. ලාල්කාන්ත සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහභාගී වී සිටියා.

එහිදී පුංචිහේවා ලේඛකයා කෙටි අදහස් පළ කිරීමක් සිදු කළා.

“ජාතික ජන බලවේගය අපේ දේශපාලන ඉතිහාසයේ ඉතාම විශිෂ්ට නිර්මාණයක්. එතැන අති විශාල විද්වතුන් සංඛ්‍යාවක් ඉන්නවා. නිකම්ම විද්වතුන් නොවෙයි, මහජනයා කෙරෙහි බැඳුණු ආකල්පයක් තිබෙන අය. ඒ හේතුව නිසා මගේ ජීවිතයේ අවුරුදු 65ක් එකතු කළ පොත්පත් ඔවුන්ට පරිත්‍යාග කරනවා. ඒ අය කිසිසේත් ම මහජනයා කෙරෙහි වෙනස් නොවේය කියන බලාපොරොත්තුව දිනෙන් දින වැඩිවෙමින් පවතින අවස්ථාවක මෙම ප්‍රදානය සිදු කරනවා.“ යනුවෙන් පැවසීය.