වතු සේවකයින්ගේ වැටුප් වැඩිකරමින් ඉකුත්දා කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය දී ඇති තීන්දුවට එරෙහිව වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු සමාගම් 21 ක් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා  ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

එම ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකළ බවත් එය විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයන් නිකුත් නොකිරීම තීරණය කළ බවත් පෙත්සම්රුවෝ සඳහන් කරති.

එම තීරණය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වතු සමාගම් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.