මේ දිනවල පැවැත්වෙන LPL තරගාවලියේ ඇඳුම් ආයිත්තම්වලට අදාළ නීතිය කඩ කිරීම හේතුවෙන්  කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට ​ඇමෙරිකානු ඩොලර් 3600ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක) දඩයක් පැනවීමට LPL තරඟ කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ මේ දිනව​ල පැවැත්වෙන LPL තරගාවලියේ ඇඳුම් ආයිත්තම්වලට අදාළ නීතිය කඩ කිරීම හේතුවෙන්.

මෙම දඩ මුදල වනිඳු හසරංගට මෙවර තරගාවලියේදී ලැබෙන තරග ගාස්තුවෙන් අය කිරීමට තීරණය කර ඇති බව සදහන්

තරගාවලියට සහභාගීවන සෑම ක්‍රීඩකයෙක්ටම ඒ ඒ කණ්ඩායමවලට අදාළ ඇඳුම් ආයිත්තම් ලබා දී තිබිය දී වනිඳු වෙනත් ලාංඡනයක් සහිත හිස් ආවරණයක් පැළඳ පන්දුවට පහරදීමට පිටියට පැමිණ ඇති අතර  අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා දමන ලෙස ඔහුට දැනුම් දී ඇතත්, එම විනිසුරු තීරණයට අවනත නොවීම මෙම දඬුවමට හේතුවී ඇති බව සදහන්

කැන්ඩි ෆැල්කන්ස් හා කලම්බු ස්ට්‍රයිකර්ස් තරගයෙන් අනතුරුව ප්‍රධාන විනිසුරු කළ පැමිණිල්ලට අනුව තරග තීරක ග්‍රේම් ලැබ්රෝයි විසින් වනිඳුට එරෙහි දඬුවම කැන්ඩි කණ්ඩායමට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා

මෙම සිද්ධියත් සමඟ තරග කමිටුව විසින් සියලුම ක්‍රීඩකයින් වෙත දැනුම් දී ඇත්තේ කිසිඳු අයුරකින් තරගාවලිය තුළ තමන්ට අයත් නොවන ඇඳුම් ආයිත්තම්වලින් සැරසී තරග සඳහා ක්‍රීඩා නොකරන ලෙසටයි.