ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ජූනි මාසයේ ක්‍රීඩකයා අද (11) නිවේදනය කළේය.

ඒ අනුව ජූනි මාසයේ ක්‍රීඩකයා ලෙස තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගයි.

වනිඳුට අමතරව ජූනි මාසයේ ක්‍රීඩකයා සඳහා ක්‍රීඩකයින් තිදෙනෙකු නිර්දේශ වූ අතර, ඒ සඳහා සිම්බාබ්වේ ශෝන් විලියම්ස් සහ ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් නිර්දේශ වි සිටියා.