2021 වසරේ මැයි මස මෙරට මුහුදු සීමාවේදි ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් කිහිපයක් යළි ගොඩගසා තිබෙනවා .

ඒ වසර 03කට පසු පානදුර මුහුදු තීරය වෙතයි

කෙසේ නමුත් ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රාස් පර්ල් නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මුසු ​වී මුහුදු ජලයට සහ පරිසරයට දැඩි හානි සිදුවු​ණා‍

කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවින් රැසක් මියගොස් දිවයිනේ විවිධ ප්‍රදේශවල මුහුදු තීරයන් වෙත පසුගිය කාලයේ ගොඩ ගසා තිබුණු අතර  එම නෞකාවේ බහාලුම්වල තිබූ ද්‍රව්‍ය ද කොළඹ ඇතුළු මුහුදු තීර රැසකටම ගොඩ ගසා ඉන් ධීවරයන්ට මෙන්ම එම ප්‍රදේශවල ජනතාවට ද දැඩි බලපෑම් එල්ලවී තිබූ ආකාරයක් ද පසුගිය කාලය පුරා දැකගත හැකි වුණා.