අද (24 )පැව​ති  20යි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවත්වූ තීරණාත්මක තරගයේ කඩුලු 3කි​න් ජය හිමිකරගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස්කළා

මෙහිදි  කයිල් මෙයර්ස් ලකුණු 35ක් රැස්කළ අතර රෝස්ටන් චේස් පන්දු 42කදී ලකුණු 52ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ඇරඹු දකුණු අප්‍රිකානුවන්ට ලකුණු රැස්කිරීම එතරම් පහසු නොවූ අතර  පන්දු ඕවර 2කදී කඩුලු 2ක් දැවී ලකුණු 15ක්ව තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා

ඒ හේතුවෙන් ඩක්වර්ත් සහ ලුවිස් ක්‍රමවේදය අනුව දකුණු අප්‍රිකාවේ ඉලක්කය පන්දු ඕවර 17කදී ලකුණු 123ක් දක්වා වෙනස් විය.

ඔවුන්ගේ කඩුලු විටින් විට දැවී ගියද 17 වන පන්දු ඕවරයේ පළමු පන්දුවේදී මාර්කෝ යැන්සන් එල්ලකළ 6 පහරත් සමග තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර සම-සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම​ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා