ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවයක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යොමු කළ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියන්ගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසන ලෙස අමාත්‍යංශ ලේකම්වරියට දැනුම්දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (24) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ඇයට එවැනි ලිපියක් ලිවීමට හැකියාවක් නැති බවයි.