අද (21) උදෑසන වැල්ලවාය තණමල්විල මාර්ගයේ වැල්ලවාය නගරයට ආසන්නයේ පිහිටි නාගරික බෞද්ධ මන්දිර සමීපයේ සිදුවූ බස් රථ අනතුරකින් බස් රථයේ රියදුරු ඇතුළු 16 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තාවන්නේ.

උල්කන්ද හදපානාගල සිට වැල්ලවාය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරට හේතුව ලෙස පොලීසිය සඳහන් කරන්නේ බස් රථයේ රියදුරුට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් බවයි.

රියදුරුගේ අසනීප තත්ත්වයත් සමඟ මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක පිටුපස ද මෙම බස් රථය ගැටී ඇති අතර අනතුරුව මාර්ගය ආසන්නයේ ඇති කානුවකට වැටී පෙරලී ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.