ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක නිරතවීම සඳහා ඊයේ (20) පස්වරුවේ කැනඩාව බලා පිටව ගොස් ඇත.

ඔහු එලෙස කැනඩාව බලා පිටව ගොස් ඇත්තේ ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් මාර්තු 23 ටොරෙන්ටෝ නඟරයේදී සහ මාර්තු 24 වැනිදා වැන්කුවර් නඟරයේදී පැවැත්වීමට නියමිත ජනහමු දෙකකට සහභාගීවීම සඳහාය.

මෙයට අමතරව කැනඩාවේ සිටින ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව සමග සුහද හමු කිහිපයකටද අනුර කුමාර දිසානායක මහතා සහභාගිවීමට නියමිත බව වාර්තාවේ.