අධික නියගය හේතුවෙන් දිවයිනේ පළාත් පහක ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව ඇත.

මෙසේ පීඩාවට පත්ව සිටින්නේ උතුර නැගෙනහිර, උතුරු මැද, වයඹ සහ සබරගමුව යන පළාත්වල ජනතාව වේ.

අධික නියගය හේතුවෙන් මෙම පළාත් වල බෝග වගා රැසක්ද විනාශයට පත්ව ඇත.

ජල හිඟය හේතුවෙන් මෙම පළාත්වල වන සතුන්ද දැඩි පීඩාවට පත්ව සිටින බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

එමෙන්ම නියඟය පහව ගොස් කල් වැසි වසින්නට මහා සංඝරත්නය විසින් උඩවලව ජලාශ පරිශ්‍රයේ පිරිත් සජ්ජායනයක් ද පවත්වා ඇත.