2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව, මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන අද (මාර්තු 15) ගැසට් පත්‍රයේ පළ කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු අතර අයැදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙවරද සිදු කිරීමට නියමිත බවයි.
අද දහවල් 12:00න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයැදුම් කළ හැකි අතර අයැදුම් කිරීමේ කාල සීමාව අප්‍රේල් 5 වන දා අවසන් වන අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
එම අමාත්‍යාංශය වැඩිදුරට ත් සඳහන් කළේ, අද දහවල් 12:00ට පෙර ඇතුළත් කර ඇති අයදුම්පත්‍ර සලකා නොබැලෙන බැවින් එම අයැදුම්කරුවන් නැවත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම් කළ යුතු බව යි.