විදෙස් ආයෝජන විශාල වශයෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය සහ ප්‍රතිපාදන ඇතුළත් පැකේජයක් නුදුරේදී ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහGee දැනුම් දීම මත මෙය තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය  ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සදහන් කළේය.

මේ දිනවල මෙය ඉදිරිපත් කිරීම සඳහා වන වැඩපිළිවෙළ සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පැවසීය.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා දැනුම් දුන්නා විදේශ අයෝජන විශාල වශයෙන් ආකර්ෂණය කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය හා අනෙකුත් ප්‍රතිපාදන ඇතුළත් වරප්‍රසාද වරදාන ඇතුළත් පැකේජයක් නුදුරේදී ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළ මේ දිනවල සාකච්ඡා කර ගෙන යනවා කියලා”

නිර්මාණි ගුණරත්න