පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පොල්දුව මංසන්ධියේ අද රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔවුන් හමුවට ගොස් ඇත.

එහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ නිලධාරීන්ගේ අතපසුවීමක් හේතුවෙන් මෙම උපාධිධාරීන් 465 දෙනාට රැකියා අහිමිවී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් දක්වා තිබුණු අතර ඉදිරියේදීද එම ගැටලුව මතුකරන බව ඔහු පවසා ඇත.