ලොව පුරා මිලියන ගණනක රසික ප්‍රජාවගේ ජනාදරයට පත් ව්ලොග් නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයකට අනුව මෙරටට පැමිණ සිටින ඔහු අද (20) සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමග එක්ව ගිවිසුමකට එළැඹ තිබේ.

සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පැවසුවේ, මෙම සුප්‍රසිද්ධ ව්ලොග් නිර්මාණකරුවා සමග එළැඹි ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මහත් පිටුවහලක් වනු ඇති බවය.

ඔහු විසින් මින් පෙර නිර්මාණය කරන ලද This is Made of Poop, My Biggest Money Mistake, The Key Board Warrior යනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝ පට තුනක් අන්තර්ගත කර තිබිණ.

2020 වසරේදී නාස් ඩේලී, කොවිඩ් වසංගත සමය තුළ වඩාත්ම නිර්ලෝභීව කටයුතු කළ රට වශයෙන් (The Most Generous Country During Covid) ශ්‍රී ලංකාව නම් කරමින් නිකුත් කළ වීඩියෝ පටයක් නිර්මාණය කරනු ලැබිණ.