අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවු‍ලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ලවී තිබෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම හේතුවෙන් මෙලෙස මරණ තර්ජන එල්ල​වී ඇති බව පවසයි

කෙසේ නමුත්  මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවදී මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් ලබන 10 වනදා නියෝගයක් නිකුත් කරන බව ප්‍රකාශ කළා