වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ, හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.

සතියක කාලයක් තුළ සිය ගැටලුවට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේය.