දියගම තාක්ශණ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය හදාරන තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකු නේවාසිකාගාරයේ තුන්වැනි මහලින් සැකකටයුතු ලෙස බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වෙනවා.

එලෙස මියගොස් ඇත්තේ විකුම් සුබාස්වර විතානආරච්චි (25) නැමැති රිකිල්ලගස්කඩ, රන් කැටිය පාර පදිංචිව සිටි සිසුවෙකි.

තෙවන මහලින් බිමට වැටුණු බව පවසා සිසුන් පිරිසක් විසින් මියගිය සිසුවාව ඊයේ (17) උදේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා උත්සාහයක් ගත්තද අද දහවල් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වනුයේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් සඳහන්.