පසුගිය 27වැනිදා ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සභාවේ උපසභාපති ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා තේරී පත්ව තිබෙනවා

සියල්ල සෞඛ්‍ය සඳහා, සැමට සෞඛ්‍යය’ (All for Health, Health for All) තේමා කොටගෙන පසුගිය 27වැනිදා ආරම්භ වූ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන 77වැනි ලෝක සෞඛ්‍ය සභාව ජූනි 01 වැනිදා දක්වා පැවැත්වෙයි

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාද සහභාගි වී සිටියි

බොට්ස්වානා රාජ්‍යයේ වෛද්‍ය එඩ්වින් ඩිකොලෝටි මහතා සෞඛ්‍ය සභාවේ සභාපති ලෙස තේරී පත් වූ අතර වෛද්‍ය පාලිත මහීපාල මහතාට අමතරව ගයනාවේ ආචාර්ය ෆ්‍රෑන්ක් සී.එස්. ඇන්තනී, කොරියානු ජනරජයේ ආචාර්ය යංග්මී ජී, මෝල්ඩෝවා ජනරජයේ ආචාර්ය ඇල නෙමරෙන්කෝ සහ සෝමාලියාවේ ආචාර්ය අලි හාජි ඇඩම් අබුබකර් යන අයද සෙසු උපසභාපතිවරුන් ලෙස තේරී පත්ව තිබෙනවා.