සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද (30) පැවැති දෙවන 20යි 20 තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස්කිරීමට සමත් විය.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ මාක් චැප්මන් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර ටිම් රොබින්සන් හා මිචෙල් හේ ලකුණු 41ක බැගින් ලබාගත්තේය.
පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක්, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
ලකුණු 187ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුයක් අවසානයේ සියලුදෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.
ඒ අනුව, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග තුනකකින් සමන්විත 20යි 20 තරගාවලිය ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.