2024 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වන බංග්ලාදේශ සංචිතය අද ප්‍රකාශයට පත් කළා.

15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ නජ්මුල් ෂැන්ටෝටයි.

කණ්ඩායමේ උප නායකත්වය ටස්කින් අහමඩ්ට හිමිව තිබෙනවා.

ටස්කින් අහමඩ් පසුගිය කාලසීමාවේදී  ආබාධයකට ලක්ව සිටි අතර එම ආබාධය පූර්ණ වශයෙන් සුවය ලබා නොතිබියදී ඔහු බංග්ලාදේශ සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

මූලික 15 දෙනාගේ සංචිතයට අමතරව තවත් අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෝක කුසලාන තරඟාවලියට එක් කර ගැනීමටද බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

බංග්ලාදේශ සංචිතය 
Najmul Hossain Shanto (c),
Taskin Ahmed,
Litton Das,
Soumya Sarkar,
Tanzid Hasan Tamim,
Shakib Al Hasan,
Tawhid Hridoy,
Mahmud Ullah Riyad,
Jaker Ali Anik,
Tanvir Islam,
Shak Mahedi Hasan,
Rishad Hossain,
Mustafizur Rahman,
Shoriful Islam,
Tanzim Hasan Sakib.
Travelling reserves:  Afif Hossain, Hasan Mahmud