වී අලෙවි මණ්ඩලය මගින් නැවතත් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

මිල කමිටුවේ තීරණය පරිදි නාඩු වී කිලෝවක් රුපියල් 95ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110ක් බැගින් මිල දී ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (11) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී සදහන් කර ඇත.

වී මිලදී මිලදී ගැනීම සඳහා රජයෙන් ලැබෙන මුදලට සරිලන පරිදි මිලදී ගැනීම් කටයුතු කරන බවද ඇමතිවරයා පවසා තිබේ.

පසුගිය මහ කන්නයේ දී වී මිල දී ගැනීමට රජය රුපියල් බිලියන 13ක් වෙන් කළ අතර වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමෙන් ඉවත්වී දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් වී මිලදී ගැනීමට කටයුතු කෙරිණි.

එලෙස මිලදී ගත් වී වලින් සැකසූ සහල් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට බෙදා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණයකට අනුව කටයුතු කළ බවත් එම සහල් එක පවුලකට මාසයකට කිලෝ ග්‍රෑම් 10ක් බැගින් පසුගිය අප්‍රේල් හා මැයි මාසවල බෙදා දුන් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.