ප්‍රවාහන බලපත්‍ර නොමැතිව මඟී ප්‍රවාහන බස් ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව දැනට නියම කර ඇති රුපියල් 10,000ක දඩ මුදල රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා වන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

එමෙන්ම ත්‍රිරෝද, පාසල් වෑන් රථ, කාර්යාල වාහන යනාදියේ නියාමන බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලබා ගැනීම, දඩ මුදල් විශාල වශයෙන් වැඩි කිරීම යනාදි කාරණා පදනම් කර ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනයට ලක් කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.