මෙවර වෙසක් දන්සල් පැවැත්වෙන ස්ථාන පිළිබඳ දැනගැනීමට සහ ඒවා සංවිධානය කරන පිරිස්වලට තම දන්සල පිළිබඳ ජනතාවට දැනුම්දීම වෙනුවෙන් තරුණයෙකු විසින් ජංගම දුරකථන යෙදුමක් (ඇප් එකක්) නිර්මාණය කර තිබේ.

රවිඳු දිල්ෂාන් නමැති තරුණයෙකු විසින් නිර්මාණය කර ඇති මෙම ඇප් එක Dansal යනුවෙන් නම් කර ඇත.

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන හිමියන්ට පමණක් දැනට මෙම ඇප් එක භාවිතය සඳහා පහසුකම් සැලසෙන අතර, එය යොදාගනිමින් තමන් අවට පැවැත්වෙන දන්සල් පිළිබඳ දැනුවත් වීමටත්, තමන් දන්නා දන්සල් පිළිබඳ තොරතුරු එම ඇප් එකට ඇතුළත් කිරීමටත් භාවිත කරන්නන්ට අවස්ථාව හිමිවන බවද රවිඳු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

මේ දක්වා මෙම ඇප් එක සඳහා playstore අනුමැතිය ලැබී නොමැති අතර, එතෙක් APK file එකක් ලෙස ඩවුන්ලෝඩ් කරගෙන එය භාවිත කළ හැකි බවද ඔහු සදහන් කරයි.

එමෙන්ම ඉදිරියේදී playstore අනුමැතිය ලැබෙනු ඇති බවත්, එය ඇප් එක මගින් දැනුම්දෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත්  සඳහන් කර ඇත.

අදාළ APK ගොනුව පහත සබැඳියෙන් ඩවුන්ලෝඩ් කළ හැකිය.

https://www.mediafire.com/folder/4o6lbcgw97q98/Dansal_APP