අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව 2024 වර්ෂයේ අවසානය තෙක් වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට අනුව අනෙකුත් විශේෂ අවස්ථා සඳහා ද වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව සඳහන් වේ.