ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතකරු ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියෙන් සමුගත් පසු නව ආරම්භක පිතකරු ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරන බව එරට තේරීම් කමිටු ප්‍රධානියා තහවුරු කළේය.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සිට ස්මිත් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරනු ඇත.

පළමුපෙළ තරගවලදී අංක 04 පිතිකරණ ස්ථානයේ පන්දුවට පහර දෙමින් කැමරන් ග්‍රීන් සාර්ථක වූ නිසා ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නව අංක 04 පිතකරු ලෙස කැමරන් ග්‍රීන් ක්‍රීඩා කිරීමට නියමිතය.