දකුණු අප්‍රිකානු 2024-25   ජාත්‍යන්තර තරග කාලසටහන දකුණු අප්‍රිකා​නු ක්‍රිකට් ආයතනය විසින් අද(3) නිවේදනය කළා.

ඒ අනුව එළඹෙන තරග වාරයේ දී ශ්‍රී ලංකා හා පාකිස්තාන පිරිමි කණ්ඩායම් මෙන්ම එංගලන්ත කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකා සංචාරවල නිරත වීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර තරග ආරම්භ වීමට පෙර ලබන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම ද දකුණු අප්‍රිකා සංචාරයක නිරත වීමට නියමිතයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ දී ශ්‍රී ලංකා A – දකුණු අප්‍රිකා A කණ්ඩායම් අතර එක්දින තරග 3ක් හා සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට ඇතුළත් වන්නේ ටෙස්ට් තරග දෙකක් පමණයි. එළඹෙන නොවැම්බර් 27 වැනිදා පළමු ටෙස්ට් තරගය Durban හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 5 වැනිදා සිට Gqeberha හී දී පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට විස්සයි 20 තරග 3ක්, එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වන අත​ර දෙසැම්බර් 10 වැනිදා සිට ජනවාරි 7 වැනිදා දක්වා එම තරග පැවැත්වීමට තීරණය කර ඇත.