ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි වරදකරු කරමින් ඔහුට එරෙහි සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් දී තිබුණු තීන්දුව අත්හිටුවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන 2019 වසරේදී සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් කොංග්‍රස් පක්ෂ නායකයාට වසර දෙකක සිර දඬුවමක් මාර්තු මාසයේදී නියම විය.

දඬුවම් නියම වීමෙන් පසු රාහුල් ගාන්ධිට සිය පාර්ලිමේන්තු අසුන ද අහිමි විය.

ඒ අනුව, අද (අගෝ.4) ලබා දුන් අධිකරණ තීන්දුව ත් සමග ඔහුට නැවත ත් පාර්ලිමේන්තුවට පැමිණ ලබන වසරේ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට මග පෑදෙනු ඇත.

චෝදනාමය ප්‍රකාශ සිදු කිරීමේදී මීට වඩා ප්‍රවේශම් විය යුතුව තිබූ බව ද අධිකරණය රාහුල් ගාන්ධිට අවවාද කරමින් සඳහන් කර ඇත්තේ, ඔහු සිදු කළ බව කියන ප්‍රකාශ සිදු කිරීමේදී වඩා ත් ප්‍රවේශම් විය යුතුව තිබූ බව ය.

භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූර්ණේෂ් මෝදි විසින් ගෙන එන ලද රාහුල් ගාන්ධිට එරෙහි අපහාස නඩුව, 2019 වසරේදී කර්නාටක ප්‍රාන්තයේ මැතිවරණ රැලියක් අතරතුර කොංග්‍රස් නායකයා සිදු කළ ප්‍රකාශක් අරභයා සිදු වූවකි.