පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ට වසර 03ක සිරදඬුවමක් එරට අධිකරණ‍ය විසින් අද නියම කරන ලදී. එයට හේතුව දූෂණ චෝදන සම්බන්ධයෙන් බවයි වාර්තා වෙන්නෙ.

2022 අප්‍රේල් මස විශ්වාසභංග යෝජනාවක් මගින් ඉම්රාන් ඛාන් බලයෙන් පහකිරිමෙන් පසු දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දිගින් දිගටම පරීක්ෂණ සිදුකෙරුණි. ඒත් සමග පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ගෙ පක්ශ සාමාජිකයන් සහ ආධාරාකරුවන් විසින් යම් නොසන්සුන්කාරි තත්ත්වයන් පල කිරිමත් සමග එරට වර්තමාන රජය එම විරෝධතා මැඩ පැවැත්වීමට කටයුතු කල අතර එහිදි බොහෝ ආධාරකරුවන් පිරිසක් අත් අඩංගුවට පත් විය.

කෙසේ නමුත් අද අධිකරණය විසින් දුන් තීන්දුව සමග ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා ඉම්රාන් ඛාන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍යය සඳහන් කරයි.