2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරිදා දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සදහන් කර තිබේ.

ශිෂ්‍යත්ව විභාගය සදහා 2024 මැයි 27 දින සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලබන බව අදාළ නිවේදනයේ සදහන් .

කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

අදාළ නිවේදනය පහතින්