පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබී සිනි කිලෝග්‍රෑම් 270,000 ක තොගයක් සොයාගත් බවත්  එම තොගය විමර්ශන කටයුතු අවසන් වන තෙක් ගබඩාව තුළ මුද්‍රා තැබූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසා ඇත.

පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ආනයනකාරුවන්ගේ සහ තොග බෙදාහරින තොග ගබඩා විශේෂ පරික්ෂාවකට ලක් කල අතර එහිදී සීනි ආනයන කරන ප්‍රධාන ආනයනකරුවෙකුගේ තොග ගබඩාවක් පරික්ෂා කිරිමට යෑමේදී  මෙම සීනී තොගය හමු වී ඇත.

ඒම ගබඩාව පරීක්ෂා කිරීමට යාමේදි තොග සන්තකයේ නැතැයි කියා සිටින බවත්  එහිදි විමර්ශන නිලධාරීන් වැඩි දුර පරික්ෂා කිරිමේදී  ගබඩාව තුල තිබී සිනි මෙට්‍රික්ටොන් 270ක ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව එම අවස්ථාවේදී එම තොග පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන තෙක එම ගබඩාව මුද්‍රා තැබූ බවත් එම අධිකාරිය සඳහන් කර තිබේ.