මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් කිසිම අවස්ථාවක තමන් පෞද්ගලික පරිහරණය නොකළ බවත් එසේ පරිහරණය කළ බවට විගණන වාර්තා වලින් ඔප්පු කර පෙන්නුවොත්  පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත.

අද පාර්ලිමේන්තු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කරනු ලැබීය.

ඊට පිළිතුරු ලබාදුන් මහින්දානන්ද අලුත්ගමගේ  සදහන් කළේ විපක්ෂනායකවරයා අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ එතුමාගේ බිරිඳගේ රූපලාවණ්‍ය ආයතනයට ආරක්ෂක නිලධාරීන් දස දෙනෙකු රජයේ වැටුප් ලබා දී යෙදවීම සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා අදහස් දැක්විය යුතු බවය.

ඊට පිළිතුරු ලබාදුන් විපක්ෂනායකවරයා සදහන් කළේ එවැනි ආකාරයෙන් මුදල් අවභාවිතයක් සිදු කර ඇති බවට විගණන වාර්තා මගින් ඔප්පු වන්නේ නම් තමන් වහාම ඉල්ලා අස්වීමට සූදානම් බවය.

එමෙන්ම රාජපක්ෂ ආණ්ඩු සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් ඔවුන්ගේ පෞද්ගලික දේශපාලන වැඩකටයුතු වලට යොදාගත් ආකාරය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදපාර්ලිමේන්තුවට අනාවරණය කර ඇත.

2011 වසරේ සංස්කෘතික අරමුදලේ මුදල්වලින් “ගිරුවාපත්තුවෙන් තල් අරුණට, තල් අරුණලු රුහුනුපුරට” වැඩසටහනට අනුබද්ධ පාපැදි සවාරියක් සඳහා ලක්හ3ක් වියදම් කර ඇති බවත් අපේ අභිමානය චිත්‍රපටය සදහා ලක්ෂ 75ක් 2012 වසරේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වලින් වැයකර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අනාවරණය කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස  කියා සිටියේ ජනාධිපති දෙවන පදවිප්‍රාප්තිය වෙනුවෙන් සුබපැතීමට මධ්‍යම සංස්කෘතික අරමුදලින් ලක්ෂ 3.51ක් 2013 වසරේ අයතා ලෙස වියදම් කර ඇති බවත් එම වසරේම මැයි පලවනදා ලෝක කම්කරු දිනය සැමරීමට ටිෂට් 1200ක් මිලදීගෙන තිබෙන්නේද මෙම අරමුදලින් බවයි. තවද මධ්‍යම සංස්කෘතික අරමුදලින් 2013 වසරේදී DVD ලක්ෂ 5ක් නිෂ්පාදනය කිරීමට ලක්ෂ 50ක මුදලක් වැයකර ඇති බවය.

සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂ පාලනයේ මෙම අයතා මුදල් පරිහරණය පිළිබඳව පාර්ලිමේන්තුව තුලදී අනාවරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ දිගින් දිගටම මුදල් ගනුදෙනු පිළිබඳව චෝදනා කිරීමත් සමගය.

මෙහිදී මහින්දානන්ද අලුත්ගමගේ විපක්ෂ නායකවරයාට චෝධනා කළේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් පෞද්ගලික පරිහරණයට භාවිතා කල බවට චෝධනා කරමින්ය.

මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ චෝධනා වලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් කිසිම අවස්ථාවක තමන් පෞද්ගලික පරිහරණය නොකළ බවත් එසේ පරිහරණය කළ බවට විගණන වාර්තා වලින් ඔප්පු කර පෙන්නුවොත් මේ මොහොතේම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බවය