සටන් පාඨ වලින් පමණක් පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සැපයීමට හැකියාවක් නොමැති බවත් ඒ සඳහා වඩාත් ප්‍රබුද්ධ ලෙස කටයුතු කරමින් ආර්ථික  විසඳුමක් සොයා ගත යුතු බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  පවසා තිබේ.

මුල්ලේරියාව නැගෙනහිර කොලඹ මූලික රෝහලේ සිට පොදු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කල ඇතර එම අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මෙසේ සඳහන් කර ඇත.

ඒ යටතේ ප්‍රධාන මාර්ග හතරක් ඔස්සේ නව බස් රථ ධාවනයට එක් කිරීම සිදුවිය.

එහිදි ඇමතිවරයා මෙසේද පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යුහගත  කිරීම සඳහා ඉන්දියාව, ප්‍රංශය, ජපානය, පැරිස් ආධාර කණ්ඩායම ඇතුළු රටවල් සහ සංවිධානවල විශේෂඥයින් නිතිපතා අඛණ්ඩව සාකච්ඡා සිදු කරමින් කටයුතු කරනවා.  ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ  ස්ථිර විසඳුමකින් තොරව සති දෙකක්වත් මේ රට පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. සැප්තැම්බර් මාසය වන විට එම සාකච්ඡා සාර්ථක කර ගැනීමෙන් අනතුරුව රට යළිත් සාමාන්‍ය තත්වයට ගැනීමට හැකියාව ලැබෙන බව අප විශ්වාස කරනවා.

ලංකා ගමනාගමන මණ්ඩලය ද පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් 2025 වසර වන විට ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අභියෝගයට මුහුණ දී තිබෙන සිටිනවා. ඒ සඳහා ඉතාමත් කඩිනමින් ලංගම ඩිජිටල්කරණය කිරීමේ කටයුතු මේ විට සිදුකරමින් පවතිනවා. ප්‍රවේශපත් නිකුත් කිරිම, ඇතුළු අනෙකුත් ගිණුම්කරණ කටයුතු, පරිපාලනට අදාළ අංශ ඩිජිටල්කරණය තුලින් වංචා දූෂණ අක්‍රමිකතා වලින් තොරව පවත්වාගෙන යෑම තුළින් අනිවාර්යෙන්ම 2025 වසර අදාල ඉලක්කයට යා හැකි බව මා විශ්වාස කරනවා.

නිර්මාණි ගුණරත්න