දෙහිවල ජාතික සත්වෝද්‍යානය අලුත් අවුරුදු දින තුනේ (13,14,15) රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා තිබෙන බව එහි සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය පවසයි

අවුරුදු නිවාඩුවේ විශාල නරඹන්නන් පිරිසක් දිවයිනේ විවිධ පළාත්වලින් දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

ඒ අනුව 13 වැනිදා රුපියල් ලක්ෂ 13ක ආදායමක්ද, 14 වැනිදා රුපියල් ලක්ෂ 16ක ආදායමක්ද, 15 වැනිදා රුපියල් ලක්ෂ 18ක ආදායමක්ද උපයා ගැනීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙන බව මානවඩු මහත්මිය පවසා ඇත.