2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විදුහල්පතිවරුන් මාර්ගයෙන් පාසල් අයැදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි අතර පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කර ඇති බව වැඩිදුරටත් විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි දා ආරම්භ කිරීමට නියමිත අතර ලබන 15 වැනි දා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 452,979 ක්.