අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අධ්‍යනය කටයුතු හෙට සිට යළි ආරම්භ වනවා.

මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව හෙට ආරම්භ වන අතර එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මක වන අතර පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත් වේ

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.