2023 නොවැම්බර් 27 වැනි ආරම්භ වී 2023 දෙසැම්බර් 21 දින අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින්
පවතින බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිදුකරන උපකාර පන්ති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්
කර තිබෙන අතර මෙම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධ‍යෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.