මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බව එරට දුෂණ විරෝධී කොමිසම පවසයි.

ඔහුගේ පුත්‍රයින්ට එරෙහිව දුෂණ චෝදනා එල්ලවී ඇති නි​සා ඒ හේතුවෙන් හිටපු අගමැතිවරයා සම්බන්ධයෙන් ද පරීක්ෂණය පවත්වන බව එම කොමිසම වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන්ම 98 හැවිරිදි හිටපු අගමැතිවරයාගේ සමීපතමයින් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ දැඩිකර තිබේ. ඔහු වර්තමාන අගමැති ඉබ්‍රහිම් අන්වර් ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා වෙයි.

මැලේසියාවේ දුෂණ සහ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ප්‍රමුඛ දේශපාලකයින් ට එරෙහිව දැඩි පියවරගැනීමට එරට බලධාරීන් කටයුතු කරයි.

මෙම පරීක්ෂණ දේශපාලන විරුද්ධවාදීන් ව ඉලක්ක කර සිදු නොකරන බවත් එය රජය මගින් ගෙනයන මහා පරිමාණ දුෂණ වැළැක්වීමේ උත්සාහයක් බවත් අන්වර් ප්‍රකාශ කර ඇත.