ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල පහල දැමීමට තීරණය කර ඇත.

මෙම නව මිල ගණන් හෙට (19) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව එම මිල ගණන් මෙසේය,

ටින් මාළු ( ආනයනික ) 425g රුපියල් තිස් පහකින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 650 ක් වේ.

ටින් මාළු ( දේශීය) රුපියල් 5 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 545 ක් වේ.

මුං ඇට 1kg රුපියල් 20 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1100 ක් වේ

හාල්මැස්සන් 1kg රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1090 ක් වේ.

කොත්තමල්ලි 1kg රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 540 ක් වේ.