ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය නවතම විලාසිතා දැක්ම “EVOLUXE” නමින් ඊයේ (19) වෝටර්ස් එජ්, ග්‍රෑන්ඩ් බෝල්රූම් පරිශ්‍රයේදී එළිදැක්විණි.

‘EVOLUXE,’ යන තේමාව තුළින් කාලයත් සමඟ සුඛෝපභෝගීත්වයේ සිදුවී ඇති සිත්ගන්නාසුළු පරිණාමය, සිය නවෝත්පාදනයන් තුළින් නිරුපණය කිරීම Emerald මෙහිදී සිදුකරන ලදී.

මෙම විලාසිතා දැක්ම සිත් ඇදගන්නාසුළු එකතූන් දහයකින් සමන්විත වූ අතර, ඒ සියල්ලක්ම Emerald සිය පාරිභෝගිකයන්ගේ විවිධ රුචි අරුචිකම් සපුරාලීමේ අරමුණින් නිර්මාණය කර තිබුණි.

මෙම අවස්ථාවට විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රධාන සහ ප්‍රසිද්ධ සුවිශේෂී පිරිසක් සහභාගී විය.