රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධනය කිහිපයක් සිදුකිරීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

එම සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දී ඇත.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර තිබේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සම් 50 ක් පමණ ඉදිරිපත් වී තිබෙන බව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විවෘත අධිකරණයේ සදහන් කර ඇත.