ජගත් ප්රියංකර නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ අද (08) දිවුරුම් දුන් අතර දිවුරුම්දීමෙන් පසු ඔහු පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර ඉදිරියේදී මන්ත්රී නාමලේඛනයේ අත්සන් තැබීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම මැතිවරණ කොට්ඨාශයේ, පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළ සනත් නිශාන්ත අභාවය හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට ජගත් ප්රියංකර මෙලෙස පත් කරනු ලැබ ඇත.
2015 මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තරග වදින ජගත් ප්රියංකර එහිදී මනාප 31424ක් ලබා ගනිමින් දිස්ත්රික්කයේ පස්වෙනි ස්ථානයට තේරී පත් විය. නැවත 2017 වර්ෂයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු එහි සභිකයෙකු ලෙස තේරී පත් විය. 2020 මහා මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරමින් මනාප 40724ක් ලබා ගනිමින් දිස්ත්රික්කයේ හයවෙනි ස්ථානය ලබා ගන්නා ලදී.