විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා  වූ යෝජනාව ඊයේ (13) දිනයේදි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් ඉදිරිපත් කර ඇත .

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව අඩංගු කරුණු සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීමට එහිදී තීරණය වී ඇති බව වාර්තා වේ

ඒ අනුව එම යෝජනාව සම්මතවීම තවදුරටත් ප්‍රමාද වී තිබේ.

අදාළ යෝජනාව මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබේ.

කෙසේවෙතත් සිය ගැටලුවට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පවසයි.