සතොස සහල් වර්ග 3 ක මිල පහළ දමා ඇත.

ඒ අනුව දේශීය සුදු කැකුළු මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 165 ක් වේ.

දේශීය සුදු නාඩු කිලෝවක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 168කි.

එසේම රතු කැකුළු කිලෝවක මිල ද රුපියල් 2කින් සතොස පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 137 ක් ලෙස සදහන් වේ.