වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව මෙම වසරේ බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පවසා ඇත.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශයට පත්කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

සියයට 6.42ක වැඩිවීමක් නිරීක්ෂණය කර තිබුණද මෙම අවස්ථාවේ එය ක්‍රියාත්මක නොවන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.