ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක ඇත.

ඒ අනුව එය ආගම් ඇදහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබේ.

ගෝලීය හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලීමක්ද කර ඇත.