සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කඩිනමින් අවසන් කර උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා .

ඒ අනු​ව වයස අවුරුදු 18දී පාසල් අධ්‍යාපනය අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදෙන බව එතුමා තවදුරටත් පවසා සිටියා

අධ්‍යයන පොදු සහතින පත්‍ර උසස් පෙළ විභාගයෙන් ප්‍රමුඛස්ථාන ලැබූ සිසුන්ගේ කුසලතා ඇගයීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ බව කියා සිටියා

ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ අභියෝගයට මේ වන වි​ට සාර්ථක ව මුහුණ දෙමින්  සිටින බවත්  සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුවත් එ​ය අඛණ්ඩ ව ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඉන් දරුවන්ගේ ප්‍රතිඵල සම්බන්ධ පෙර කියවීමක් එම දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා

පාසල් පද්ධතියේ හා විශ්වවිද්‍යාල පද්ධතියේත් කඩිනම් ව සිදුකෙරෙන මෙම අධ්‍යයන කටයුතු සාර්ථක ව පවත්වාගෙ යාම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමට ද හැකි පමණ උත්සහ දරන බව ද කී අමාත්‍යවරයා කිසි දු දරුවකුගේ කාලය අපතේ නොයවා දක්ෂ දරුවන්ට වේගයෙන් ඉදිරියට ගොස් නව ලොව දැනුම හඹා යමින් පර්යේෂණවල නියැලී රටට අත්‍යවශ්‍ය නවෝත්පාදන බිහි කිරීමේ අවකාශ විවිර කිරීම ද මෙම ක්‍රියාදාමයන්හි ප්‍රධාන අරමුණක් බව ද පැවසී ය.

තාක්ෂණය හා දැනුම ශීඝ්‍රයෙන්‍ වෙනස් වන ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලය තුළ පවා කතා බහවන  කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් සම්බන්ධ අද්දැකීම් ද ශිෂ්‍ය ප්‍රජාවට ලබා දිය යුතු ව ඇති බවත් ඊට පෙර එම විෂය භාවිතයට අදාළ නීති පද්ධතිය සම්පාදනය කළ යුතු බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.