මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබානොදීමේ සිද්ධියක් මිනුවන්ගොඩ අල්අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබු අදාළ විභාග මධ්‍යස්ථානයෙන් වාර්තා වෙනවා.

එම විභාග මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව සදහන් .

සිද්ධිය සම්බන්ධයෙන් එම විභාග මධ්‍යස්ථානයේ විභාග ශාලාධිපතිවරයා සම්බන්ධව විශේෂ විමර්ශනයක් විභාග දෙපාර්තමේන්තුව හරහා ආරම්භ කර ඇතැයි මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා පවසනවා.

එම ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දුන් කිසිදු අපේක්ෂකයෙකුට ආසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියා.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී එම ප්‍රකාශකයා සඳහන් කළේ අදාළ සිදුවීම් සඳහා මුහුණ දුන් අපේක්ෂකයින් පිළිබඳ වෙන වෙනම අධ්‍යයනයන් සිදුකර ඊට අවශ්‍ය පියවර ගන්නා බවයි