2024 වසර තුල බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රෝගීන් 42,700ක් ඇතුලත්ව ඇති අතර එයින් 6,700ක් සුනඛයින් සපා කා ජලභීතිකා රෝග නිවාරණ ප්‍රතිකාර සදහා පැමිණි අය බව හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.
සුනඛයින් සපා කෑමෙන් පැමිණි 6,700න් 95%ක ප්‍රතිශතයක් නිවසේදී සිදු වූ අනතුරු බව ඔහු සඳහන්. එය අනුපාතයක් ලෙස ගත් කළ විවිධ රෝගීන් පස්දෙනෙකුට සුනඛ සපාකෑම් 1ක් බැගින් ඉහළ අගයක් පවතිනවා.
පළාත් පාලන ආයතන විසින් ගෘහස්ථ සුනඛයින් සහ නිදැල්ලේ හැසිරෙන හිමිකරුවන් නොමැති සුනඛයින් ක්‍රමවත් ලෙස වාර්ෂිකව ජලභීතිකා එන්නත් කිරීම වගකීමක් ලෙස කල යුතු බවත්, මහජනතාව ද තම නිවසේ ඇති කරන සුනඛයින් එන්නත් කරවා ගැනීමටත් අදාළ කාඩ්පත් සුරක්ෂිතව ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.